කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ දැවැන්ත පෙරළියක් - නිවෙස් දෙකේම CCTV දර්ශන එළියට

Report

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි නිවසේ සහ මරණය සිදුවූ නිවසේ සීසීටීවී පද්ධතිවල දර්ශන පටිගත වී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් පොලීසිය මෙම කරුණු අනාවරණය කර ඇත.

පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ, මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුළු විය හැකි වුවද, 2026 මැයි 5 සිට මැයි 7 දක්වා කාලය තුළ කිසිදු බාහිර පුද්ගලයෙකු නිවසට ඇතුළු වූ බවට සීසීටීවී පරීක්ෂණවලින් අනාවරණය වී නොමැති බවයි.

ඉරාන යුද තීන්දුවේ පැටළුනු ට්‍රම්ප් “සිය දිවි නසා ගත්තා” ද? - ඇමෙරිකාව උඩුයටිකුරු කළ සමීක්ෂණය

ඉරාන යුද තීන්දුවේ පැටළුනු ට්‍රම්ප් “සිය දිවි නසා ගත්තා” ද? - ඇමෙරිකාව උඩුයටිකුරු කළ සමීක්ෂණය

එමෙන්ම, මරණකරු පදිංචිව සිටි නිවසේ සීසීටීවී යන්ත්‍ර පරීක්ෂා කිරීමේදීද කිසිදු දර්ශනයක් පටිගත වී නොමැති බව හෙළිවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් පොලීසිය, නිවාස දෙකෙහිම සීසීටීවී කැමරා පද්ධතිවල දර්ශන සටහන් වී නොතිබූ බව තහවුරු කර ඇත.

අදාළ සීසීටීවී පද්ධති සවිකළ සමාගමේ ඉංජිනේරුවරයාද අද දින සාක්ෂි සඳහා කැඳවා ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

එමෙන්ම, නිවාස දෙකෙහි සීසීටීවී පද්ධතිවලට අදාළ DVR යන්ත්‍ර පොලීසිය භාරයට ගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවසර ඉල්ලා ඇත.

ඉන්ධන QR කේතය ගැන පාර්ලිමේන්තුවේදී මීට සුළුමොහතකට පෙර දුන් නිල ප්‍රකාශය මෙන්න

ඉන්ධන QR කේතය ගැන පාර්ලිමේන්තුවේදී මීට සුළුමොහතකට පෙර දුන් නිල ප්‍රකාශය මෙන්න

රේගුවට යන්න බලන් හිටපු ඔයාට සුබ ආරංචියක් - මේ සුදුසුකම් තියේනම් අදම අයදුම් කරන්න

රේගුවට යන්න බලන් හිටපු ඔයාට සුබ ආරංචියක් - මේ සුදුසුකම් තියේනම් අදම අයදුම් කරන්න