තරුණයින් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන මුදල් යන්නේ කාගේ අතටද?
වත්මන් රජය ඉදිරිපත් කළ අයවැයෙන් මෙරට තරුණ පරම්පරාවට ලැබී ඇති සැබෑ ප්රතිලාභ මොනවාද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්න පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
තරුණයින්ට කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුම ලබාදීමට රජය කටයුතු කරන බව පැවසුවද, එමගින් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන මුදල් ආණ්ඩුවේ හිතවත් පාලකයින් විසින් පාලනය කරන ආයතන වෙත යොමු වන්නේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද එම පක්ෂය අවධාරණය කරනවා.
එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී කෝට්ටේ ආසන සංවිධායක නීතිඥ දිනේෂ් විධාන පතිරණ සහ නීතිඥ සුමුදු කැකුලන්දල යන මහත්වරුන් මෙම අදහස් පළ කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය ගැන බොරු ප්‍රකාශ කරන්න එපා.. සැබෑ මහමොළකරුවන් කවුද කියලා අපි දන්නවා.. චන්දනගෙන් විපක්ෂයට අනතුරු ඇඟවීමක්
එහිදී අදහස් දක්වමින් නීතිඥ සුමුදු කැකුලන්දල මහතා ප්‍රශ්න කර සිටියේ තරුණ පරම්පරාවට අයවැයෙන් ලබාදී ඇති ප්‍රායෝගික ප්රතිලාභ මොනවාද යන්නයි.
එමෙන්ම, තරුණයින්ට කොටස් වෙළෙඳපොළ පිළිබඳ උගන්වා ආයෝජනය කිරීමට දිරිගන්වන රජය, එම ආයෝජන සිදුකරන පද්ධතියේ විනිවිදභාවය සහතික කරන්නේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර තිබෙනවා.
මේ අතර, 2028 වසරේදී ගෙවීමට නියමිත ණය වාරික සහ ඒ සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජය සැලසුම් කර ඇති ආදායම් උත්පාදන ව්‍යාපෘති මොනවාද යන්න පිළිබඳවද පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ඔහු පෙන්වා දී තිබෙනවා.
රජයේ ප්‍රතිපත්ති සහ අයවැය යෝජනා හරහා ආණ්ඩුවේ සැබෑ තත්ත්වය හෙළිදරව් වෙමින් පවතින බවටද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් චෝදනා කර තිබෙනවා.
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ජනතාවට පොරොන්දු ලබාදුන්නද, අද වන විට ජනතාවට තිබූ ලස්සන ජීවිතයත් අහිමි වී ඇති බවට ඔවුන් විවේචනය කර තිබෙනවා.