"ප්‍රාග්ධන වියදම ට්‍රිලියන 2ක් දක්වා වැඩිවීම ගැන සතුටුයි - ඒත් බඩු මිල, ගෑස්, විදුලි බිල වැඩිවෙන එකට උත්තර කෝ?" – ඩී.වී. චානක පාර්ලිමේන්තුව හොල්ලයි
2027 අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා, රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කළේය.
එහිදී රජයේ ප්‍රාග්ධන වියදම රුපියල් ට්‍රිලියන 2ක් දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, අයවැය කතාවේදී 2022 වසර පිළිබඳව කරුණු ඉදිරිපත් කළ ජනාධිපතිවරයා ඉන් අනතුරුව 2025 වසර පිළිබඳව අවධානය යොමු කළ ද, 2023 සහ 2024 වසරවල ආර්ථික තත්ත්වය පිළිබඳව ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් සිදු නොකළ බවට ද ඔහු චෝදනා කළේය.
එමෙන්ම, වත්මන් ආණ්ඩුව රට භාරගන්නා අවස්ථාවේ පැවති ආර්ථික වර්ධන වේගය සියයට 5.3ක් වූ අතර, එය මේ වනවිට සියයට 4.2ක් දක්වා පහත වැටී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
තවද, උද්ධමනය සියයට 8.3ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කළ ඔහු, භාණ්ඩ මිල, ගෑස් මිල සහ විදුලි බිල අඛණ්ඩව ඉහළ යන තත්ත්වයක් තුළ ඒවාට විසඳුම් ලබාදීමට ආණ්ඩුවට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවක් නොපෙනෙන බව ද ප්‍රකාශ කළේය.
මේ අතර, ශ්‍රී ලංකාවට කොපමණ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ගෙන ඒමට වත්මන් ආණ්ඩුව සමත්වී ඇත්දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, ආර්ථික අර්බුදය පැවති සමයේ මෙරටට ලැබුණු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය හෝ වත්මන් ආණ්ඩුවට ආකර්ෂණය කර ගැනීමට නොහැකි වී ඇති බවට ද චෝදනා කළේය.
කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න