ගිලා බැසීම ගැන හොයන්න ගිහින් මහනුවර නගරය යටින් හමු වූ සැඟවුණු නිර්මාණය. - (VIDEO)
By Wayomi
මහනුවර නගරය ලංකා ඉතිහාසයේ අවසාන රාජධානිය වූ සෙංකඩගල රාජධානියේ අගනගරය වන අතර මෙරට ඉතිහාසය පුරාවට දේශීය තාක්ෂණික භාවිතවන්හි විශිෂ්ටත්වය පෙන්වන අවස්ථා බොහොමයක් හමු වෙනවා.
මහනුවර අද වන විට සීග්රයෙන් දියුණු වන ජනාකීර්ණ නගරයක්.
කෙසේ වෙතත් මේ අතර වසර කිහිපයක සිට යටිනුවර වීදියේ ඇතැම් ස්ථාන හදිසියේ ගිලාබැසීම් වලට ලක් වුණා.
මේ ගිලා බැසීම් ඔස්සේ බලධාරීන් සිදුකළ පරීක්ෂණ අවසන් වන්නේ ලංකා ඉතිහාසයේ සුවිශිෂ්ට සැඟවුණු නිර්මාණයක් ලෝකයට අනාවරණය වීමෙනි. ඉතින් අපි බලමු ඒ මොකක්ද කියලා.