හැමෝම මඟ බලපු මහනුවර ඇසළ පෙරහරට දින නියම වෙයි - ශ්‍රී දළදා මාලිගාවෙන් නිවේදනයක්
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනය කර ඇත්තේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම, අගෝස්තු මස 13වැනිදා පෙ.ව. 6 පසුවී විනාඩි 17ට යෙදෙන සුබ නැකතට අනුව සිදු කෙරෙන බවයි.
වැඩිදුරටත් ඔහු පැවසුවේ අගොස්තු 13වැනිදා කප් සිටුවීමෙන් පසු 17වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙන බවත් පළමු කුඹල් පෙරහැර 18 දින ආරම්භ වන අතර, එතැන් සිට 22වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වෙන බවත්ය.
දොර අගුලෙන් වෙඩි තියලා දැන් අහද්දී කියනවා නැතුව බන කියන්නද කියලා හොද වෙලාව ජේවීපී ඒ පැත්තේ නැත්තම් කුඩු වෙන්න ගහන්නේ - ජායාරූප පෙන්න පෙන්න මරික්කාර් මාලිමාවේ සායම යවයි
පළමු රන්දෝලි පෙරහැර 23 දින ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 දිනයේ පැවැත්වේ. පසුදින එනම් අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉන් අනතුරුව එදිනම පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදි පෙරහැර සාර්ථකව සිදු කළ බවට දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය භාරදීමට නියමිතය.
ඕයි මල්ලි තමුසෙට පිස්සුද ? චූටික්කො අනේ නැගිටපන් අයියා ඇවිත් ඉන්නේ - මියගිය පොලිස් නිළදාරින් වෙනුවෙන් මිතුරන් හා පොලිස් පවුලම හඬා වැටෙයි
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය මහවෙල රතනපාල නාහිමිපාණන් වහන්සේලා, සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන්, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.