අනිරුද්ගේ විවාහයට කෝටි 100ක්.. පිළිගැනීමේ උත්සවයත් සමඟ වියදම කෝටි 150ක්..
දකුණු ඉන්දීය සංගීත අධ්යක්ෂ අනිරුද් රවිචන්දර් සහ සන් ටීවී සමූහයේ හිමිකරු Kalanithi Maranගේ දියණිය වන Kaviya Maranගේ විවාහ මංගල්‍යය සඳහා ඉන්දීය රුපියල් කෝටි 100ක පමණ මුදලක් වැය වී ඇති බවට වාර්තා පළ වී තිබේ.
විවාහ උත්සවය සරල ආකාරයෙන් පැවැත්වූ බව පෙනුණද, ඒ සඳහා වැය වූ බව කියන අතිවිශාල මුදල බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.
Anirudh Ravichander සහ Kaviya Maran පසුගිය නොවැම්බර් 11 වැනිදා ග්රීසියේදී විවාහ දිවියට පිවිස තිබේ. මෙම විවාහ උත්සවය සඳහා පවුලේ සමීපතමයන් සහ ආරාධිත අමුත්තන් පමණක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

විවාහ මංගල්‍යයේදී සුපිරි නළු Rajinikanth විසින් ලබාදුන් මාලයක් Anirudh Ravichander විසින් Kaviya Maranගේ ගෙලට පැළඳවීම ද විශේෂ අවස්ථාවක් වී තිබේ. එමෙන්ම ඩී.එම්.කේ. පක්ෂ නායක M.K.Stalin විසින් Kaviya Maran වෙත ලබාදුන් මාලයක් ද Anirudh Ravichander විසින් ඇයට පැළඳවූ බව සඳහන් වේ.
Times of India වාර්තාවකට අනුව, ග්‍රීසියේ සුප්‍රසිද්ධ Four Seasons Astir Palace හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වා තිබේ.
චෙන්නායි සිට පවුල් හතරක් සඳහා වෙනම ගුවන් ගමන් සංවිධානය කර තිබූ අතර, ආරාධිතයන්ගේ ගමන් පහසුකම් සහ නවාතැන් ඇතුළු සියලු වියදම් සඳහා ඉන්දීය රුපියල් කෝටි 100ක පමණ මුදලක් වැය වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
එමෙන්ම නොවැම්බර් 21 වැනිදා චෙන්නායි හි සුපිරි හෝටලයක පැවැත්වීමට නියමිත පිළිගැනීමේ උත්සවයේ වියදම ද එකතු කළහොත් සමස්ත වියදම ඉන්දීය රුපියල් කෝටි 150ක් පමණ විය හැකි බව ද වාර්තා කර තිබේ.
කෙසේ වෙතත්, මෙම විවාහ මංගල්‍යය සඳහා රුපියල් කෝටි 100ක මුදලක් වැය වූ බවට අදාළ පවුල් දෙකෙන් කිසිදු නිල තහවුරු කිරීමක් සිදුකර නොමැත.
Kalanithi Maranගේ පවුලේ විශාල ධනය සැලකිල්ලට ගත් විට මෙවැනි වියදමක් දැරීම ඔවුන්ට විශාල ගැටලුවක් නොවනු ඇති බවට ද විවිධ අදහස් පළ වී තිබේ.
මේ අතර, විවාහයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මෙය ස්වයං ගෞරව විවාහයක් (Self-Respect Marriage) විය හැකි බවට සිනමා රසිකයන් අතර කතාබහක් ඇති විය.

එම සැකය තවදුරටත් තහවුරු කරමින් ඩී.එම්.කේ. සාමාජික ටී.ආර්.බී. රාජා ද X සමාජ මාධ්‍ය ඔස්සේ මෙම විවාහය ස්වයං ගෞරව විවාහයක් බව සඳහන් කර තිබේ.
So, it looks like a non-Vedic, self-respect marriage. Am I right? https://t.co/fVF2JpUl61
— முனைவர். கணேசு ガネス (@DrGanesh_Japan) November 12, 2026
සාම්ප්‍රදායික වේද චාරිත්‍ර අනුව විවාහය සිදුවනු ඇතැයි අපේක්ෂා කළ පිරිසට මෙය පුදුමයට කරුණක් වී ඇති අතර, අනිරුද්ගේ මෙම විවාහ චාරිත්‍රය මේ වන විටත් සිනමා රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ