ඉන්ධන මිල ගැන බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ නිවේදනයක්..
By krishani
ඉන්ධන මිල ගණන් සංශෝධනය පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව නොවැම්බර් මාසයේ දී නැවතත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ආනයනය කරන ලද ඔක්ටේන් 95 පෙට්‍රල් තොගය ගොඩබෑම ඊයේ රාත්‍රියේ ආරම්භ කළේ ය.
නව ක්‍රමවේදයකට අනුව සැපයුම්කරුවන් පළ කළ එකඟත්වය මත බොරතෙල් ගොඩබෑම ඊයේ රාත්‍රියේ ආරම්භ වූ බව ඒ මහතා ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.