කලුතරත් ගෑස් ලිපක් පුපුරයි

gas explosion srilanka news
By Gagana Dec 01, 2021 09:58 AM GMT
Gagana

Gagana

Report

කළුතර දකුණ පොලිස් වසමේ, පලාතොට, තේක්කවත්ත, ප්‍රදේශයේ අද(01) ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.

පුපුරණ මොහොතේ ගෑස් ලිපේ බතල තැම්බෙමින් තිබී ඇති අතර, විශාල පිපිරුම් හඬක් සමගින් ගෑස් ලිප පුපුරා ගොස් ඇතැයි නිවෙස් හිමියෝ පවසති.

කළුතර පොලිස් කොට්ඨාස අපරාධ නිරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීය. ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, ගෑස් ලිපට හානි සිදුව තිබේ .

පිපිරීම සිදුවන අවස්ථාවේ ලිපේ තැම්බෙමින් තිබූ බතල කෑලි ඉහළ බිත්තියට විසිවී තිබූ බව දැකගැනීමට හැකි විය.

පසුගිය ඉරිදා දින කළුතර දකුණ අල්විස්වත්ත ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිත වෙතින් ගෑස් සිලින්ඩරය මිලදී මිලදීගෙන ඇතැයි දිග හිමියන් පවසති. කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now