අම්මපා මෙහෙමත් OIC ලා..මේ වගේ වැඩත් කරනවනේ ඉතින්..

Sri Lanka Police Sri Lanka Crime Branch Criminal Investigation Department Drugs
By Piyumika Oct 22, 2024 03:47 AM GMT
Piyumika

Piyumika

Report

රුපියල් ලක්ෂ 25 කට ආසන්න බීඩි කොළ තොගයක් නඩු භාණ්ඩ වශයෙන් රේගුවට බාර දීම සඳහා ලොරි රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාලු ඉඩමකදී එම බීඩි කොළ තොගය පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටි බව කියන කල්පිටිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති සහ ලොරි රථයේ රියදුරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පැහැරගෙන යන පුතාව බේරා ගන්න වාහනේ දොරේ එල්ලුණු පියාව යටකරගෙන ගිහින්..

පැහැරගෙන යන පුතාව බේරා ගන්න වාහනේ දොරේ එල්ලුණු පියාව යටකරගෙන ගිහින්..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පොලිසි ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ 58 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ලොරි රථ යේ රියදුරු වශයෙන් කටයුතු කළ කල්පිටිය අම්මාන්තෝට්ටන් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කිලෝ 620 ක් අඩංගු මිටි 20 ක් සහ කහ කිලෝ 1276 ක් අඩංගු මිටි 40 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය පොලිසිය විසින් ඉකුත් 20 දින අත්අඩංගුවට ගෙන තිබුණි.

අනේ දෙවියනේ..මෙහෙමත් කෑම අපිට කන්න දෙනවනේ..

අනේ දෙවියනේ..මෙහෙමත් කෑම අපිට කන්න දෙනවනේ..

අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ කල්පිටිය පොලිසි ස්ථානය රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ තිබී ඇත.

අත්අඩංගුවට ගත් එම නඩු භාණ්ඩ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට භාරදීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාළු ඉඩමක නවත්වා නඩු භාණ්ඩ වශයෙන් රැගෙන යමින් තිබූ බීඩි කොළ කිලෝ 620ක තොගය වෑන් රථයකට පටවමින් ඒ වෙනුවට පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.