අනේ දෙවියනේ..මෙහෙමත් කෑම අපිට කන්න දෙනවනේ..

Food Shortages Sri Lanka Office of Public Health Public Health Inspector
By Piyumika Oct 22, 2024 03:37 AM GMT
Piyumika

Piyumika

Report

රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කඳවල හා බටහිර කවුඩාන සෞඛ්‍ය කොට්ඨාසවල ආහාර වැටලීමකදී අලෙවියට තිබූ හකරැල්ලෙක් සහිත පොල්පැණි බෝතලයක් හමුවී තිබේ.

හදිසි ඇමතුම් අංකයට පණිවිඩයක් ගිහින් සුළු වෙලාවකින් මැරුණු සුපිරි ගායකයාගේ මරණයේ අහිරහස..

හදිසි ඇමතුම් අංකයට පණිවිඩයක් ගිහින් සුළු වෙලාවකින් මැරුණු සුපිරි ගායකයාගේ මරණයේ අහිරහස..

එමෙන්ම එම වෙ‌ෙළඳසල තුළ තිබී කල් ඉකුත් වූ කිරිහට්ටි 38 ක්, කිතුල් පැණි හා පොල් පැණි බෝතල් 10ක් හමුවී ඇති අතර මෙම වෙ‌ෙළඳසල් හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 12500 ක දඩ මුදලක් නියම කර ඇත.

මෙම පරීක්ෂා කිරීම්වලදී අලෙවි ස්ථාන අටක් පරීක්ෂා කර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සකස් කළ, ගබඩා කළ සහ අලෙවි කළ ආයතන දෙකකට රුපියල් 36500 ක දඩ මුදලක් නියම කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ.ටී.යූ. ජයවර්ධන පැවැසීය.

ඇග කිලිපොලා ගිය මාතර ඝාතනයේ වෙඩික්කරුවෝ කොටුවෙති ..

ඇග කිලිපොලා ගිය මාතර ඝාතනයේ වෙඩික්කරුවෝ කොටුවෙති ..

මෙහිදී කවුඩාන ප්‍රදේශයේ ආයතනයක මුළුතැන්ගේ වහල සිදුරුවී තිබීම, ගෙබිම කඩතොලුවී තිබීම, ඒ මැදින් අපජලය ගලායන කාණුව විවෘතව තැබීම, අපද්‍රව්‍ය සහිත භාජන විවෘතව තැබීම, ආහාර ද්‍රව්‍ය විවෘතව ගබඩා කිරීම, ආහාර පිසින්නන් ආරක්ෂක ඇඳුම් නොපැලඳීම ඒවා පරිහරණය කරන්නන් නිසි වෛද්‍ය සහතික නොමැතිව සිටීම යන චෝදනා යටතේ නඩු පැවරීමෙන් රුපියල් 24000 ක දඩ මුදලක් නියම කර තිබේ.

මීට අමතරව රත්මලාන කඳවල ප්‍රදේශයේ ආපනශාලාවක නරක්වී තිබූ පරාටා කිලෝ පහක්, පිසින ලද මුංඇට කිලෝ හතරක්, බදින ලද මස් කිලෝ එකක් වෙළෙඳසල් හිමිකරුගේ කැමැත්ත මත විනාශකර තිබේ.

පැහැරගෙන යන පුතාව බේරා ගන්න වාහනේ දොරේ එල්ලුණු පියාව යටකරගෙන ගිහින්..

පැහැරගෙන යන පුතාව බේරා ගන්න වාහනේ දොරේ එල්ලුණු පියාව යටකරගෙන ගිහින්..

කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක, රත්මලාන ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයලත් ගුණතිලකගේ අධීක්ෂණයෙන් රත්මලාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.එස්. චන්දනගේ ප්‍රධානත්වයෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුවන ජේ.ඒ.ටී.යූ. ජයවර්ධන, ඩී.ඩී.මධුසංක, එච්.වී.සී. උදයංග ඇතුළුව බොරලැස්ගමුව සහ එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හත්දෙනෙකු මෙම වැටලීම සිදුකර තිබේ