උදේම බිහිසුණු ඛේදවාචකයක් - කඩුවෙල හදිසි ගින්නෙන් එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවන් දෙදෙනා අවසන ගමන් යයි [UPDATE] [VIDEO]
By Kaushi
කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි සැලක අද (19) දින උදෑසන හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම ඛේදවාචකයෙන් මව, පියා සහ අවුරුදු 2ක් හා අවුරුදු 6ක් වයසැති දරුවන් දෙදෙනා මෙසේ මියගොස් ඇති බව සඳහන්.
මෙම ගින්න හටගත් දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ තට්ටුවේ විද්‍යුත් උපකරණ අලෙවි සැල පිහිටා තිබෙනවා.
එසේම මිය ගිය පවුලේ සාමාජිකයන් ඉහළ තට්ටුවේ රැඳී සිට ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විටත් යොදවා ඇති අතර ගින්නට හේතුව සහ සිද්ධිය පිළිබඳ වැඩිදුර විස්තර මෙතෙක් හෙළි වී නොමැත.
එසේම අදාළ අංශ මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
නැවත නිල දැනුම්දීමක් දෙන තුරු මෙහි ඇතුළුවීම තහනම් බවට නිවේදනයක් - මේ නීති හා රෙගුලාසිවලට එරෙහි අයට නීතිමය ක්‍රියාමාර්ග
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,