වාහන වැඩකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් - සේවාවන් ලබාගන්න Appointment එකක් දා ගන්න

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් ලබාදෙන සියලුම මහජන සේවාවන් පූර්ව වේලාවක් වෙන්කර ගැනීමේ (Appointment) ක්‍රමවේදය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන නොවැම්බර් 23 වැනිදා සිට මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම වැඩපිළිවෙළ යටතේ මහජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින්, නොවැම්බර් 23 වැනිදාට පෙර දෛනිකව ලබාදී තිබූ පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව පෙරට වඩා වැඩි සේවාලාභීන් පිරිසකට දිනපතා කඩිනමින් සහ පහසුවෙන් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

සේවා ලබාගැනීමට අපේක්ෂා කරන ජනතාවට ක්‍රමවේද දෙකක් ඔස්සේ තමන්ට පහසු දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීමට හැකියාව පවතී.

රාජ්‍ය සේවයට යන්න බලා සිටින අයට වැදගත් ආරංචියක් - 2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගයට දින නියම වෙයි

රාජ්‍ය සේවයට යන්න බලා සිටින අයට වැදගත් ආරංචියක් - 2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගයට දින නියම වෙයි

පූර්ව වේලාවක් වෙන්කර ගත හැකි ක්‍රමවේද:

1. දුරකථන මාර්ගයෙන්: 011 2 117 116 අංකය ඇමතීමෙන්.

2. මාර්ගගත ක්‍රමයෙන්: https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්.

එබැවින් නොවැම්බර් 23 වැනිදා සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය අසල උදෑසන සිට අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී නොසිටින ලෙස ද දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සේවාලාභීන්ගේ කාලය ඉතිරි කරමින් වඩාත් පහසු සේවාවක් සැපයීමේ අරමුණින් මෙම ක්‍රමවේදය හඳුන්වා දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් දැනුම් දී තිබේ.    

අක්වාන් සුළි කුණාටුව තාම ඉවර නෑ - හෙට 11.30 ට වෙන්න යන දේ - ශ්‍රී ලාංකික ධීවරයින්ටත් අනතුරු ඇඟවීමක්

අක්වාන් සුළි කුණාටුව තාම ඉවර නෑ - හෙට 11.30 ට වෙන්න යන දේ - ශ්‍රී ලාංකික ධීවරයින්ටත් අනතුරු ඇඟවීමක්