කඩවත ඝාතන සිද්ධිය ගැන ලැබුණු අලුත්ම හෙළිදරව්ව..වීඩියො සහිතයි.. (VIDEO)

Srilanka Covid 19 kadawatha
By Sithumi Mar 25, 2022 02:27 PM GMT
Sithumi

Sithumi

Report
කඩවතදී ඊයේ (24) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම ගණේමුල්ල සංජීව නැමැත්තාගේ අනුදැනුම මත සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි. ඝාතනය වූ දෙදෙනාගෙන් අයෙක් හමුදා බුද්ධි අංශයක සේවය කර ඉන් පළාආ අයෙකු බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.
කොළඹ - නුවර මාර්ගයේ කඩවත 09 කණුව ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවුණේ ඊයේ රාත්‍රී 9.40ට පමණය. පොලීසිය පැවසුවේ, පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තැබීම සිදුකර ඇති බවය.
අසල තිබූ සීසීටීවී කැමරාවක එය සටහන්ව තිබුණි. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා කිරිබත්ගොඩ රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ පෑලියගොඩ පදිංචිව සිටි අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන කසුන් චින්තක සහ කැලුම් සමීර නමැති දෙදෙනෙකි.
පොලීසිය පැවසුවේ, ඉන් කසුන් චින්තක නමැත්තා හමුදා බුද්ධි අංශයක සේවය කර ඉන් පළා ආ අයෙකු බවය. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛගේ ඥාතියෙකු බව පැවසෙන ඔහු පුද්ගල ඝාතන සහ අපරාධ චෝදනා රැසක් එල්ල වූ අයෙකි. එමෙන්ම ඔහු පාතාල වෙඩික්කරුවෙකු වන බවට ද පොලීසිය සැකකරයි.
වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ 15ක් සොයාගත් බව පොලීසිය පැවසීය. ගණේමුල්ල සංජීව නම් පාතාල කල්ලි සාමාජිකයාගේ අනියම් බිරියගේ සැමියා ඝාතනය කිරීම හා මත්ද්‍රව්‍ය ගනුදෙනුවක ආරවුලක් මත ගණේමුල්ල සංජීවගේ ගෝලයන් මෙම ද්වි පුද්ගල ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now