කඩවත - මිරිගම මධ්‍යම අධිවේගී මාර්ගය ගැන ඇහෙන අලුත් ආරංචිය
කඩවත සිට මිරිගම දක්වා කොටස ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් 48%ක් අවසන් වී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
“2027 ආරම්භය වන විට කඩවත අන්තර් හුවමාරුව අවසන් කිරීමටත්, 2028 මැද භාගය වන විට කඩවත - මිරිගම මාර්ගය අවසන් කර මහජනතාවට පවරා දීමටත් සැලසුම් සකස් කරමින් පවතී” යනුවෙන් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
මෙම කොටස අවසන් වූ පසු, දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පිටත වටරවුම් මාර්ගය හරහා මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වන අතර එමඟින් බාධාවකින් තොරව ජාතික අධිවේගී මාර්ග ජාලයක් නිර්මාණය වන බව අමාත්‍යාංශය පැහැදිලි කළේය.
වරාය ප්‍රවේශ මාර්ගය නිම කිරීමෙන් පසු මහජනතාවට අධිවේගී මාර්ග හරහා කොළඹ, කටුනායක, කුරුණෑගල සහ මත්තල වෙත පහසුවෙන් ගමන් කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේය.