දේශාපානයේ තීරණාත්මක දවසක් - හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට එයි [UPDATE]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී ලබා දුන්නේ යැයි කියන ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්වරුන් අද (12) දින අල්ලස් කොමිසමට කැඳවා ඇත .
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, හිටපු ඇමති චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී සැකකරුවන් කරමින් පවරා තිබූ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ ඉකුත් 05 දින කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම එම කරුණු ඉදිරිපත් කර තිබුණි .
ඒ අනුව අල්ලස් කොමිසම කරුණු දක්වමින් සඳහන් කළේ අප්‍රේල් 30 වන දින යොමු කළ නොතීසියක් ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතා මැයි මස 12 දින අල්ලස් කොමිසමට කැඳවා තිබෙන බවයි.
සජීවී දර්ශන උපුටා ගන්නා ලදි