දුම්රිය ස්ථානාධිපතිට කොවිඩ්..වහාම දුම්රිය ස්ථානය වසා දැමේ
By Sewvandhi
කඳාන උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට අද (07) පස්වරුවේ දී ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම්වරයා සඳහන් කරන්නේ, අදාළ දුම් රිය ස්ථානයේ සේවයේ නියුතු උප දුම් රිය ස්ථානාධිපතිවරයා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බවයි.
ඒ අනුව කදාන උප දුම්රිය ස්ථානය විෂබීජහරණය කර, නැවතත් සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන තෙක් වසා තැබීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත්තේ.
එම දුම්රිය ස්ථානය මගීන් සඳහා විවෘත අතර, දෙපස දුම්රිය ස්ථාන මගින් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව තාවකාලිකව ලබා දී ඇති බව ද එම නිවේදනයේ සඳහන්.
ඒඅනුව එම දුම්රිය ස්ථානයේ සාමාන්‍ය දුම්රිය කාලසටහන පරිදි දුම්රිය නැවත්වීමට ද කටයුතු කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |