මේ සජිත්මද ? සජිත් ප්‍රේමදාස කොළඹදී ජවිපෙට කියපු දේ මෙන්න

Report

කොළඹදී පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට මරණාධාර සමිති, ග්‍රාමීය සංවර්ධන සමිති සහ කාන්තා සමිතිවල බලය අල්ලා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, ඒ සඳහා එම පක්ෂය පැහැදිලි නියෝගයක්ත් නිකුත් කර ඇති නමුත්, එවැනි ක්‍රියාවලියක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකට අනුකූල නොවන බවයි.

වෙළඳපොළේ සිට රාජ්‍ය පරිපාලන ක්‍රමය දක්වා, රටේ බොහෝ ව්‍යුහ එකතු කරගැනීමේ ප්‍රයත්නයක් මේ වන විට සිදුවෙමින් පවතින බවද ඔහු අවධාරණය කළේය.

තෙල් ගන්න ගෙවල් විකුණන්න වෙයි අරාබියේ තෙල් නවත්තලා ඇමරිකාවෙන් තෙල් ගේන්න සුදානමක්?

තෙල් ගන්න ගෙවල් විකුණන්න වෙයි අරාබියේ තෙල් නවත්තලා ඇමරිකාවෙන් තෙල් ගේන්න සුදානමක්?

එමෙන්ම යෞවන සමාජයේ සාමාජිකයන්ට පහළ සිට ඉහළට පියනැගිය හැකි ව්‍යාප්ත අවස්ථා පද්ධතියක් දැන් අහිමි වී ඇති බවද විපක්ෂ නායකවරයා අවධානය යොමු කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘පුරවැසි හඬ’ (Citizen Voice) වැඩසටහන යටතේ, විපක්ෂ නායක කාර්යාලයේදී යෞවන සමාජ සාමාජිකයින් සමඟ පැවති හමුවකදීය.