ධෘව් ජුරෙල්ගෙන් නොදැවී ශතකයක් – ඉන්දියාව ලකුණු 503කට දැවැන්ත ඉනිමක් ගොඩනගයි

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී අත්හිටුවීමට තීරණය කළේය. ඉන්දීය ඉනිමේ කැපී පෙනෙනම පිතිකරු වූ ධෘව් ජුරෙල් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 115ක් රැස් කළේය.

ශතකය සම්පූර්ණ කිරීමට ආසන්නව සිටියදී ලකුණු 99කදී දුවද්දී දැවී යාමේ අවදානමකටද මුහුණ දුන් ජුරෙල්, එම අවස්ථාවෙන් ගැලවී සිය ශතකය සම්පූර්ණ කිරීමට සමත් විය.ඔහු සමඟ ප්‍රසිද් ක්‍රිෂ්ණා නොදැවී ලකුණු 4ක් ලබා සිටියදී ඉන්දීය ඉනිම අත්හිටුවනු ලැබීය.

දෙවැනි දිනයේ දිවා ආහාරයෙන් පසු සැසියේදී ඉන්දියාවට රිෂාබ් පන්ට් සහ මනව් සුතාරගේ කඩුලු අහිමි විය. පන්ට් ලකුණු 63ක් රැස් කළ අතර, ඔහු සහ ජුරෙල් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගූහ.

දේව්දත් පඩික්කල්ගෙන් විශිෂ්ට ශතකයක් - ඉන්දියාව ප්‍රබල ඉනිමකට සැරසෙයි [LIVE

දේව්දත් පඩික්කල්ගෙන් විශිෂ්ට ශතකයක් - ඉන්දියාව ප්‍රබල ඉනිමකට සැරසෙයි [LIVE

පළමු දිනයේදී ඉන්දියාව වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ දේව්දත් පඩික්කල් ලකුණු 117ක් රැස්කරමින් අඛණ්ඩව දෙවැනි ටෙස්ට් තරගයේදීත් ශතකයක් වාර්තා කළේය. ඉන්දීය නායක ශුබ්මන් ගිල්ද අර්ධ ශතකයක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, ප්‍රභාත් ජයසූරිය සහ කේෂර නුවන්ත කඩුලු 2 බැගින් දවා ගත්හ. ලහිරු කුමාර එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

ඉන්දියාව සිය ඉනිම අත්හිටුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කරමින් කමිල් මිෂාර සහ නයිට් වොච්මන් (nightwatchman) ලෙස ලහිරු කුමාර පිටියට පිවිසියහ. කෙසේ වෙතත්, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පන්දු දෙකක් පමණක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු ලකුණක් නොලබා සිටියදීම දෙවැනි දිනයේ තරගය අත්හිටුවීමට සිදුවිය.  

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න