මග බලපු අස්වැසුම බැංකු පොතටම - අදම බැංකු වලට යන්න පුළුවන්
අද (23) අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළ ජුනි මස දීමනා මුදල් අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව, දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා මෙම දීමනාව හිමිවීමට නියමිතයි.
ඒ අනුව රුපියල් 3,287,163,750ක (තුන් බිලියන දෙසිය අසූහත් මිලියන එකසිය හැට තුන්දහස් හත්සිය පනහක්) අද (23) දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම් ගිණුම් වෙත බැර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට අද (23) දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී ගිණුම මඟින් කිසිදු බාධාවකින් තොරව මෙම දීමනාව ලබාගැනීමේ හැකියාව පවතින බව සඳහන් වේ.