ජෝෂප් ස්ටාලින්ගෙන් චෝදනාවක්.
Ministry of Education
Sri Lanka
Education
By krishani
පාසල් වාර විභාග පැවැත්වීමට සූදානම් කර තිබුණ ද ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බව ලංකා ගුරු සංගමය පවසයි.
ඒ දරුවන්ගෙන් මුදල් අයකර විභාගය පැවැත්වීමට උත්සාහ කරන නිසා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ ය.
පාසල් මට්ටමින් දරුවන්ගෙන් වාර විභාගය සඳහා මුදල් එකතු කරන්නේ නම් එය දරුවන්ට සිදු කරන විශාල අසාදාරණයක් වන බවත් ඔහු සඳහන් කළේ ය.
කෙසේවෙතත්, පාසල් උපකරණ, ළමුන් ප්‍රවාහන ගාස්තු ආදිය ඉහළ ගොස් ඇති පසුබිමක දරුවන්ගෙන් විභාගය සඳහා ද මුදල් අය කිරීමට සිතනවා නම් එම අදහස ඉවත් කර ගන්නා ලෙස ලේකම්වරයා පැවසීය.