ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

Report

සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත්‍රයින් දෙදෙනා සහ තවත් සැකකරුවෙකු එළඹෙන මාර්තු 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

එමෙන්ම මෙම චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවෙකු එළඹෙන මාර්තු 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.

ජොන්ස්ටන්ට කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

ජොන්ස්ටන්ට කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් පිරිස අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝග නිකුත් විය.

මෙම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දිගටම සිදුවෙමින් පවතින බව පොලිසිය සඳහන් කළේය.

මේ දිනෙන් පසු බඳවා ගත් රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක් - විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් නව චක්‍රලේඛයක්

මේ දිනෙන් පසු බඳවා ගත් රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක් - විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් නව චක්‍රලේඛයක්