ජොන්ස්ටන්ට කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

Report

හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 11 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබීය. වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයා සහ මොහොමඩ් සාකීර් බන්දනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අධිකරණයේදී සාක්ෂිකරුවන්ගෙන් මූලික සාක්ෂි සටහන් කර ගැනීම සිදුකළ අතර, විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල විසින් හරස් ප්‍රශ්න ඇසීම ද සිදු විය.

දවස් ගාණකට පස්සේ ගෑස් එයි - ගෑස් ගන්න ජනතාව පොරකයි

දවස් ගාණකට පස්සේ ගෑස් එයි - ගෑස් ගන්න ජනතාව පොරකයි

එහි අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 11 දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

2010 සිට 2014 දක්වා කාලය තුළ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම හේතුවෙන් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවට සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් ද විත්තිකරුවන් ලෙස නම් කර සිටිති. 

රැකියා බොරුවෙන් ලක්ෂ ගණනක් වංචා කළ තිදෙනා අල්ලයි

රැකියා බොරුවෙන් ලක්ෂ ගණනක් වංචා කළ තිදෙනා අල්ලයි