සිහින දැක්ක තවත් පිරිසකට රට රැකියා අවස්ථාවන්.. - ජනතාවට විශේෂ දැනුම්දීමක්.
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමි වූ 11 දෙනෙකු සඳහා ගුවන් ටිකට් පත් ප්‍රධානය කළේ ය.
ඒ අද (22) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ය.
මෙම පිරිස ඊශ්‍රායලයේ රැකියා හිමි වූ 85 වන කණ්ඩායම වේ.
ඔවුන් ලබන 26 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඒ අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයින් 601 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිව ඇත.
ඒ දෙරට අතර ඇති කර ගෙන ඇති අවබෝධතා ගිවිසුම අනුවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ලාංකිකයින්ට හිමි වේ.
මෙම රැකියා ලබා ගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.