රජයෙන් සුබ පණිවිඩයක් - මේ තරුණ තරුණියන්ට රජය මැදිහත් වී ස්ථීර රැකියාවක්

Report

විවිධ මත්ද්‍රව්‍යවලට අවාසනාවන්ත ලෙස යොමුවී මේ වන විට සාර්ථකව පුනරුත්ථාපනය වෙමින් පවතින මෙරට තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ ස්ථීර වෘත්තීමය රැකියා සඳහා සෘජුවම යොමු කිරීමේ විශේෂ ඒකාබද්ධ ජාතික වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් අලුතින්ම ආරම්භ කර ඇත.

අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය පුනරුත්ථාපන කාර්යාංශය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඉතාමත් සමීපව ඒකාබද්ධ වෙමින් මෙම කාලීන වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව වන විශේෂ තීරණාත්මක සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද 30 වනදා සාර්ථකව පැවැත්විණි.

මෙහිදී විශේෂ අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ මේ වනවිට මෙරට පෞද්ගලික අංශයේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පමණක් රැකියා පුරප්පාඩු 400000 කට අධික මහා පරිමාණ ප්‍රමාණයක් පවතින බවයි.

එහෙත් එම පුරප්පාඩු පිරවීම සඳහා මෙරට තුළ ප්‍රමාණවත් පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාව සහ චීනය වැනි විදේශීය රටවලින් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට දේශීය කර්මාන්තකරුවන්ට සිදුව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය ටයිල් හා අදාළ උපාංග නිෂ්පාදනය පාවහන් සම්භාණ්ඩ සහ ඔටෝ මොබයිල් ඇතුළු ප්‍රමුඛ පෙළේ කර්මාන්ත රැසක මෙලෙස විශාල වශයෙන් රැකියා පුරප්පාඩු පවතින බව පැවසූ අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාංශයේ සෘජු රාජ්‍ය මැදිහත්වීම මත ක්‍රමවත් වෘත්තීය පුහුණුවක් හා විධිමත් වැඩපිළිවෙළක් යටතේ පුනරුත්ථාපනය කරන ලද මෙම ශ්‍රමික පිරිස් කඩිනමින් දේශීය කර්මාන්තකරුවන් වෙත යොමු කරන ලෙස පැමිණ සිටි උසස් නිලධාරීන්ට දැඩි ලෙස උපදෙස් දුන්නේය.

මේ වනවිටත් විවිධ කාර්මික ක්ෂේත්‍රයන් යටතේ උසස් වෘත්තීය පුහුණුව ලබා සම්පූර්ණයෙන්ම පුනරුත්ථාපනය වූ දක්ෂ තරුණ තරුණියන් 10000 ක් පමණ මෙරට තුළ පසුවන බවත් වවුනියාව සේනපුර සහ කන්දකාඩු යන රජයේ ප්‍රධාන පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනෙන් පමණක් වසරකට අඛණ්ඩව පුද්ගලයන් 800 කට ආසන්න පිරිසක් සාර්ථකව පුනරුත්ථාපනය කර උසස් වෘත්තීය පුහුණුව ද සමඟින් නැවත ගෞරවනීය ලෙස සමාජගත කරන බවත් මෙම විශේෂ සාකච්ඡාවේදී නිල වශයෙන් අනාවරණය විය.

අද සහ හෙට වලංගු අතිවිශේෂ නිවේදනයක් - මුළු ලංකාවටම අනතුරු ඇගවීමක් සමඟ නිල නිවේදනයක්

අද සහ හෙට වලංගු අතිවිශේෂ නිවේදනයක් - මුළු ලංකාවටම අනතුරු ඇගවීමක් සමඟ නිල නිවේදනයක්