පරිස්සමෙන් ... මන්න පිහි පෙන්වා කාන්තාවන්ගේ මාල කොල්ලකෑ දෙදෙනෙකුට සිදුවූ දේ..

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Sep 30, 2023 03:36 PM GMT
Sithumi

Sithumi

Report

මාළු කපන මන්නා පිහි පෙන්වා කතුන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකෑම , පින්වත්ත සුපිරි වෙළදසැලක් කොල්ල කෑම සහ මහ බැංකු විශ්‍රාමික නිළධාරීයෙකුට මන්නා පිහියකින් හිසට පහරදී බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු තවත් අපරාධ කිහිපයකට සම්බන්දයක් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසිය සමත්ව තිබෙනවා.

වාද්දුව සහ ප්‍රදේශයේ පදිංචි 26 සහ 37 වියැති පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් පසුගිය 24 දා මහ දවාලේ පින්වත්ත සුපිරි වෙළදසැලකට ඇතුළුව මාළු කපන මන්නයක් පෙන්වා මුදල් අයකැමි බියගන්වා ලාච්චුවේ තිබූ රුපියල් හතලිස් දහසක්, එහි පැමිණ සිටී කතකගේ ගෙලබැදි රන්මාලය කොල්ලකාලා පලාගොස් තිබුණු අතර එම කොල්ලකෑම සිදුකර පලායන අතරතුර මාදුපිටිය ප්‍රදේශයේ මහමග ගමන්ගත් විශ්ව විද්‍යාල සිසුවියක සහ තවත් තරුණියක බියගන්වා ගෙලබැදි රන්මාලයක්, ජංගම දුරකථනයක් සහ අත්බැගය සහ වටින ලිපිගොනුවක්ද කොල්ලකා යමින් සිටියදී අළුබෝමුල්ල සහ බණ්ඩාරගම ප්‍රදේශයේ තවත් කතුන් දෙදෙනෙකු බියගන්වා රන්මාල දෙකක්ද කොල්ලකා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

බස්නාහිර පළාත් බුද්ධි නිළධාරීයාට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොල්ලකෑම සදහා යොදාගත් මාළු කපන මන්නය, පිහියක්, මෙරට නිශ්පාදිත ජීව අත්බෝම්බයක්, කොල්ලකෑ රන්මාල දෙකක්, පෙන්ඩනයක්, ජංගම දුරකථනය , කාන්තා අත්බෑගය සහ ලිපිගොනුව සොයා ගෙන තිබුණා.