"විරෝධය කොළඹට " තුවාල ලැබූ විරෝධතාකරුවන් ජාතික රෝහලට
Anura Kumara Dissanayaka
SL Protest
By Sithumi
මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව "විරෝධය කොළඹට" යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබු විරෝධතාවයට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අප වාර්තාකරුවන් පැවසුවේ එහිදී තුවාල ලැබූ විරෝධතාකරුවන් මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි.
කොළඹ ඉබ්බන්වල මංසන්ධියේ දී පොලීසිය විසින් විරෝධතාකරුවන් ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර අද පස්වරුවේ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් විරෝධතා පාගමන ආරම්භ වූයේ, විරෝධතාවයට එරෙහිව කොටුව පොලීසිය සහ මරදාන පොලීසිය විසින් අධිකරණ නියෝග දෙකක් ලබාගෙන තිබූ අවස්ථාවකදී.
ඒ අනුව ඉදිරියට පැමිණි විරෝධතාකරුවන් ට විරෝධය නතර කරන ලෙස පොලීසිය විසින් දැනුම් දුන්නා.
එහෙත් ඔවුන් මාර්ගය අවහිර වන සේ රැඳීසිටිම හේතුවෙන් පොලීසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.