ජෙලි ෆිශ් මත්ස්‍යයෙක් නිසා ධීවරයෙක් මියයයි..
යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයෙකු මසුන් ඇල්ලීමට යාමේදී ජෙලිෆිස් ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) දින මියගොස් ඇතැයි යාපනය පොලීසිය පවසනවා.
මෙම ධීවරයා පසුගිය සැප්තැම්බර් මස 09 වැනිදා ගුරුනගර් මුහුදු තීරයේදී මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවකදී ජෙලිෆිස් ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලේ මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබා නිවසට ගොස් ඇතත් තුවාල සම්පූරණයෙන් සුව නොවීම හා යහපත් සෞඛ්‍ය තත්වයකින් නොසිටීම හේතුවෙන් නැවත අසනීප වී රෝහල් ගතකොට තිබේ.
එහිදී රෝගියාගේ තුවාල සුව නොවීම හා සිරුරේ වෙනත් ඉන්ද්‍රියන් අකර්මන්‍ය වී බරපතල තත්වයේ සිටි ධීවරයා ඊයේ (07) දින මිය ගොස් අතර මිය ගිය ධීවරයාගේ මරණපරික්ෂණයෙන් හිලි වී ඇත්තේ ජෙලිෆිස් විෂ හේතුවෙන් සිදුවූ තුවාල සුව නොවීම හා එම තුවල මගින් විෂබීජ ඇතුලුවී රෝගියාගේ සිරුරේ බොහෝ ඉන්ද්‍රියන් අකර්මන්‍ය වීම හේතුවෙන් මෙලෙස මිය ගොස් ඇති බවටයි.
මෙලෙස ජෙලිෆිස් ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ඇල්ජින් ජෙනිරාජ් නැමැති ධීවරයෙකි.