පාර්ලිමේන්තුවෙන් ගිය මන්ත්‍රී යළි කථානායක ඉදිරියේ දිවුරයි.(VIDEO)
නව මහබැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් වීමෙන් ඔහුගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා, ජයන්ත කැටගොඩ පත් කිරීමට යෝජනා වී තිබුණා.
ඒ අනුව අද (21) දිනයේ ජයන්ත කැටගොඩ කතානායකවරයා ඉදිරියේ යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
මේ අතර පනත් කිහිපයක් සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුව රැසවී තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වූ අතර පෙ.ව. 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.
ඉන් අනතුරුව සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05ක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06ක් ඇතුළු රෙගුලාසි කිහිපයක් විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය.
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව අද(21) සහ හෙට(22), දින දෙකක් පමණක් රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර හෙට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ.
විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නැවත පාර්ලිමේන්තුව ඔක්තෝබර් 04 වන සඳුදා දින රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |