මධ්‍යම ජපානය කැළඹෙයි - ප්‍රබල භූමිකම්පාවක් - ඉදිරි දින දෙක තුන තුළ වෙන්න යන විනාසය ගැන ජපානෙටම අනතුරු ඇඟවීමක්

Report

මධ්‍යම ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් වෙළඳසැල්වල ජනෙල් කැඩී ගොස් ගොඩනැගිලිවලින් පලා යාමෙන් පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය සහ බලධාරීන් වාර්තා කරයි.

ඒ අනුව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව, අද (සෙනසුරාදා ග්‍රිනිච් වේලාවෙන් 16:00) අලුයම 1:04 ට බටහිර ෂිසුඕකා ප්‍රාන්තයේ කිලෝමීටර් 40 ක් (සැතපුම් 25) පමණ ගැඹුරින් රික්ටර් මාපකයේ 5.7 ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

අයිචි සහ ෂිසුඕකා ප්‍රාන්තවල පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීන් උපුටා දක්වමින් කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය පවසා ඇත. එමඟින් අයිචි ප්‍රාන්තය අසල පුළුල් ප්‍රදේශයකට බලපෑම් එල්ල වී තිබෙනවා.

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

එසේම හමාමාට්සු නගරය, කියෝතෝ සහ නාරා යන පුරාණ අගනුවරවල් සහ ෆුජි කන්ද පිහිටා ඇති යමනාෂි ප්‍රාන්ත සහ ගිෆු ද ඊට ඇතුළත්. කෙසේ වෙතත් කියෝඩෝ වාර්තා කළේ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.

මේ අතර භූමිකම්පාවේ අපිකේන්ද්‍රයෙන් බොහෝ දුරින් පිහිටි ටෝකියෝවට මෙම භූමිකම්පාව නොදැනුණු බව සඳහන්. ඊට අමතරව ඉදිරි සතිය තුළ, විශේෂයෙන් ඉදිරි දින දෙක තුන තුළ ඇති විය හැකි ප්‍රබල භූමිකම්පා සඳහා සූදානම් වන ලෙස ද කාලගුණ විද්‍යා ඒජන්සිය ජනතාවට අනතුරු අඟවා ඇත.

මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර දිවයිනේ අනිකුත් සියලුම සුරාසැල් අද වසා තැබීමට විශේෂ නියෝගයක්

මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර දිවයිනේ අනිකුත් සියලුම සුරාසැල් අද වසා තැබීමට විශේෂ නියෝගයක්

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්