ත්‍රිකුණාමලයම කළඹපු වෙඩිල්ලට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට - වෙඩික්කරු යුද හමුදාවේ හිටපු අයෙක්
උප්පුවේලි, කප්පල්තුරේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඉකුත් 02 වැනි දින රාත්‍රියේ කප්පල්තුරේ හන්දිය දෙසට ධාවනය වෙමින් තිබූ කුලී ත්‍රිරෝද රථයක පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබූ අතර, එහිදී වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබුණා.
අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය සහ මාතර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කළ අතර එහිදී ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ඉකුත් 06 වැනිදා රාත්‍රියේ දික්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු වැඩිදුර විමර්ශන සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
එසේම දෙවැනි සහ තෙවැනි සැකකරුවන් ඉකුත් 02 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 32යි මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔවුන් දෙදෙනා ද අදාළ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ බවටයි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 28 සහ 34 යන වයස්වල පසුවන අතර, ඔවුන් දික්වැල්ල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
එසේම වෙඩික්කරු වශයෙන් ක්‍රියාකළ පුද්ගලයා මීට පෙර යුද හමුදාවේ සේවය කර නීත්‍යනුකූලව ඉවත්ව ගිය අයෙකු බවට ද හෙළි ව ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.