රැකියාවකට සෞදි ගිය නිලූකාට වසර 14ක් තිස්සේ තොරතුරක් නැහැ - පවුලේ අයගෙන් සංවේදී ඉල්ලීමක්

Report

විදේශ රැකියාවක් සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් වසර 14ක් ගතවී ඇතත් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදන්ව සිටින පුවතක් අඹන්පොල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස අතුරුදන්ව සිටින්නේ අඹන්පොල, සේරුගොඩ ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂලාගේ නිලූකා රාජපක්ෂ නමැති කාන්තාවයි.

ලැබී ඇති තොරතුරු සහ ලේඛනවලට අනුව ඇය 2012 අප්‍රේල් 10 වැනිදා විදේශ රැකියාවක් සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගොස් තිබේ.

එලෙස විදේශගත වීමෙන් පසුව ඇය පිළිබඳ කිසිදු නිශ්චිත තොරතුරක් වසර 14ක් පුරා ලැබී නොමැති බව ඇයගේ පවුලේ ඥාතීහු පවසති.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. ඒ අනුව CD/183/2208 යන අංකය යටතේ 2022 අගෝස්තු 17 වැනිදා අදාළ පැමිණිල්ල ලියාපදිංචි කර ඇති බව ලේඛනවල සඳහන් වේ.

මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර දිවයිනේ අනිකුත් සියලුම සුරාසැල් අද වසා තැබීමට විශේෂ නියෝගයක්

මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර දිවයිනේ අනිකුත් සියලුම සුරාසැල් අද වසා තැබීමට විශේෂ නියෝගයක්

එමෙන්ම 2023 සහ 2024 වසරවලදී ද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලිපි නිකුත් කර ඇති අතර, 2025 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලය ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත්, විදේශ රැකියාවක් සඳහා සෞදි අරාබියට ගිය නිලූකා රාජපක්ෂට සිදුවූයේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

වසර 14ක් තිස්සේ සිය ඥාතියා පිළිබඳ තොරතුරක් බලාපොරොත්තුවෙන් සිටින පවුලේ සාමාජිකයෝ ඇය සොයා ගැනීම සඳහා සහාය වන ලෙස ඉල්ලීමක් කර සිටිති.

කාවන්තිස්සගේ මරණයේ ඇත්ත හෙළිකරන්න විදේශීය විශේෂඥයන් කැඳවන්න ඉල්ලීමක්

කාවන්තිස්සගේ මරණයේ ඇත්ත හෙළිකරන්න විදේශීය විශේෂඥයන් කැඳවන්න ඉල්ලීමක්