දිවයින පුරා සියළුම සංවර්ධන නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයකට.. දැඩි අනතුරු ඇඟවීමක්
දිවයින පුරා සියළුම සංවර්ධන නිලධාරීන් හෙට (09) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවක වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර ඇත්තේ විධිමත් සේවා ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස රජයට බලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.
එසේම ඔවුන් පෙන්වා දී ඇත්තේ, විධිමත් සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම තුළින් සංවර්ධන නිලධාරීන්ට ලැබිය යුතු උසස් වීම් සහ වැටුප් තල සකස් කිරීමේ හැකියාව පවතින බවයි.
තවද එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර ඇත්තේ රජය විසින් සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එහා ගිය වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට අදහස් කරන බවයි.