ගුවන්පථය දෙදරමින් ගුවන් යානයක් හදිසියේ ගොඩබායි - ගුවන් යානයට සහ පිකප් ට්‍රක් රථයකට හානි
ඊයේ(07) පස්වරුවේ උතුරු ෆෝට් මයර්ස් හි බේෂෝර් පාරට කුඩා ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදු කර ඇති බව වාර්තා වේ. එමඟින් කිලෝමීටර් ගණනාවක් ගමනාගමනය අඩාල වූ අතර ගුවන් යානයට සහ පිකප් ට්‍රක් රථයකට හානි සිදුව ඇත.
එසේම වෙනත් වාහන ඒ අසලින් ගමන් කරද්දී, ගුවන් යානය මාර්ගය දිගේ ලිස්සා යන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වෙන අතර ලී කවුන්ටි ෂෙරිෆ් කාර්යාලයට (Lee County Sheriff's Office) අනුව, මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.
එමෙන්ම ෂෙරිෆ් කාර්යාලයට අනුව, මෙම සිදුවීම සිදුව ඇත්තේ නෝර්ත් ෆෝට් මයර්ස් හි බේෂෝර් පාර සහ I-75 අධිවේගී මාර්ගය ආසන්නයේදී, දහවල් කාලයේදීයි.
මධ්‍යම ජපානය කැළඹෙයි - ප්‍රබල භූමිකම්පාවක් - ඉදිරි දින දෙක තුන තුළ වෙන්න යන විනාසය ගැන ජපානෙටම අනතුරු ඇඟවීමක්
එසේම 'Fox13 News' වාර්තා කරන ලෙස, 'Cessna 172D Skyhawk' වර්ගයේ මෙම ගුවන් යානයේ ගුවන් නියමුවන් දෙදෙනෙකු සිට ඇති අතර, යාන්ත්‍රික දෝෂයක් ඇතිවීම නිසා ඔවුන් බේෂෝර් පාර මත ගොඩබෑමට උත්සාහ කර තිබෙනවා.
මේ අතර 'CBS12' පුවත් සේවයට අනුව, ගුවන් ගමන් ලුහුබැඳීමේ දත්ත පෙන්වා දෙන්නේ මෙම යානය ඊයේ දේශීය වේලාවෙන් පෙරවරු 11:00 ට පමණ ෆ්ලොරිඩාවේ සෙබ්‍රින්ග් සිට ගුවන්ගත වී ඇති බවයි.
ඉන් මිනිත්තු 50 කට පමණ පසු, එනම් දේශීය වේලාවෙන් පෙරවරු 11:50 ට එය හදිසි ගොඩබෑම සිදු කර ඇත.