රක්ෂිත බන්ධනාගාරයේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම්

Report

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

මෙම පියවර මාතර හා හම්බන්තොට දිසාභාර නියෝජ්‍යය පොලිස්පති චාමික වික්‍රමසිංහ විසින් ගෙන ඇති බව සඳහන්. ඇය ඉකුත්දා මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකළා.

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය වශයෙන් කටයුතු කළ සැකාකරිය සතුව තිබූ හොන්ඩා වීසල් (Honda Vezel) වර්ගයේ මෝටර් රථය, පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබුණා.

එළඹෙන 20 වෙනි දිනත් බන්ධනාගාර භාරයේ සිටී නම්.. රටම බලන් ඉද්දි නාමල්ට අද අධිකරණයෙන් දුන් නියෝගය

එළඹෙන 20 වෙනි දිනත් බන්ධනාගාර භාරයේ සිටී නම්.. රටම බලන් ඉද්දි නාමල්ට අද අධිකරණයෙන් දුන් නියෝගය

මෙම මෝටර් රථයේ ලීසිං වාරික මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියන 1කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයකු විසින් ගෙවා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම රථය අත්අඩංගුවට ගෙන තිබුණා.

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්