දීපාවලී නිසා හැටන් ලංගම ඩිපෝවට සුපිරි වාසියක් - එක් දිනකදී මෙතෙක් ලැබූ ඉහළම ආදායම උපයයි
By Kaushi
දීපාවලී උත්සවය නිමිත්තෙන් ඊයේ (07) දින හැටන් ලංගම ඩිපෝවට එක් දිනකදී මෙතෙක් ලැබූ ඉහළම ආදායම ලබා ගැනීමට හැකි වූ බව එම ඩිපෝවේ කළමණකාරු පාලිත වීරසූරිය මහතා පැවසූ බව සඳහන්.
ඒ අනුව ඊයේ (07) තම ඩිපෝව මඟින් දුර සහ කෙටි දුර ධාවනයට බස් රථ 82ක් ධාවනයට එක් කළ බවත්, ඒ අනුව ඊයේ(07) දින උදෑසන සිට අද (08) දින උදෑසන 6:00 වන විට තම ඩිපෝවට රු.4,765,000,00ක (හතලිස් හත් ලක්ෂ හැට පන්දහසක) ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළ බව වාර්තා වේ.
ඉකුත් 05 වන දින හැටන් ඩිපෝව මඟින් හැටන් සිට යාපනය දක්වා ධාවනය කළ ලංගම බස් රථයෙන් එක් ගමන් වාරයකට රු.ලක්ෂ දෙකක ආදායමක් උපයා ගැනීමටද හැකි වූ බවයි කළමණකාරවරයා වැඩිදුරටත් අදහස් දක්වා ඇත්තේ.