මුම්බායි දුම්රියේ ගුටි බැට හුවමාරුවක් දුරදිග යයි - අවසානයේ එක් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි [VIDEO]

By Malith Madushan Nov 08, 2026 06:01 AM GMT
Report

ඉන්දියාවේ මුම්බායි නගරයේ ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් තුළ දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් අතරතුර එක් මගියෙකු දුම්රියෙන් පිටතට ඇද වැටීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.

පසුගිය සිකුරාදා රාත්‍රී 10.30ට පමණ චර්ච්ගේට් සිට විරාර් දක්වා ධාවනය වූ වේගවත් මගී දුම්රියකදී මෙම සිදුවීම සිදුව ඇත.

දුම්රියේ දොරටුව අසල රැඳී සිටීම සම්බන්ධයෙන් මගීන් දෙදෙනා අතර මුලින් බහින්බස්වීමක් හටගෙන ඇති අතර, පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබේ.

සිද්ධිය දැක්වෙන වීඩියෝ දර්ශනවලට අනුව දෙදෙනා එකිනෙකාට පහර දෙමින් සිටින අතරතුර එක් මගියෙකු පහරකින් බේරීමට පසුපසට යාමේදී දුම්රියෙන් පිටතට ඇද වැටී ඇත.

එම මගියා මුම්බායි සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ඇද වැටී තිබේ. කෙසේ වෙතත්, අදාළ අවස්ථාවේ දුම්රිය සාපේක්ෂව අඩු වේගයකින් ධාවනය වෙමින් තිබීම හේතුවෙන් දුම්රියෙන් ඇද වැටුණු මගියාගේ ජීවිතය බේරී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලයේ බලය හිටපු හමුදා ප්‍රධානියෙකුටද? - නෙතන්යාහුගේ පුටුවට තර්ජනයක්

ඊශ්‍රායලයේ බලය හිටපු හමුදා ප්‍රධානියෙකුටද? - නෙතන්යාහුගේ පුටුවට තර්ජනයක්

මධ්‍යම ජපානය කැළඹෙයි - ප්‍රබල භූමිකම්පාවක් - ඉදිරි දින දෙක තුන තුළ වෙන්න යන විනාසය ගැන ජපානෙටම අනතුරු ඇඟවීමක්

මධ්‍යම ජපානය කැළඹෙයි - ප්‍රබල භූමිකම්පාවක් - ඉදිරි දින දෙක තුන තුළ වෙන්න යන විනාසය ගැන ජපානෙටම අනතුරු ඇඟවීමක්