ජපානයෙන් ශ්‍රී ලංකාවට සුභ ආරංචියක්.!!

Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Aruna Aug 19, 2022 01:48 AM GMT
Aruna

Aruna

Report

ජපාන, යෙන් මිලියන 500ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ජපාන රජය එකඟතාව පල කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බෝ නොවන රෝග සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එම ප්‍රදානය ලබාදීමට නියමිතයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව ලබා දෙන එම මුදලේ වටිනාකම මෙරට මුදලින් රුපියල් මිලියන 1,265ක්.

එම ප්‍රදානයට අදාල ලේඛණ හුවමාරුව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ එම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි අතර ඊයේ දිනයේ සිදු වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha