අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

Report

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (29) දින සිට යළි ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

ඒ අනුව උදෑසන 6 සිට 9 දක්වා කාලයේ සහ පස්වරු 4 සිට 7 දක්වා කාලය තුළ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එසේම ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙම වැඩපිළිවෙළ අද සිට හඳුන්වා දෙන බව‍යි.

තවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මෙම වැඩපිළිවෙළ සඳහා පූර්ණ සහාය ලබාදෙන බවයි.

හෙට සිට කොළඹ වාහන අඩු වෙයි - මේ පොදු ප්‍රවාහන සේවාව ගැන දැනුම්දීමක්

හෙට සිට කොළඹ වාහන අඩු වෙයි - මේ පොදු ප්‍රවාහන සේවාව ගැන දැනුම්දීමක්

එමෙන්ම පොලිස් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා කියා සිටියේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

එසේම අද සිට තවත් මාර්ග 5ක් ඔස්සේ මෙට්‍රෝ බස් ධාවනයට පියවර ගන්නා බව මෙට්‍රෝ බස් සමාගම සඳහන් කරයි.

අඳාළ සමාගමේ සභාපති යූ.පී. තිලකරත්න මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව මෙට්‍රෝ බස් රථ 122ක් ධාවනයට එක් කිරීමට නියමිතව ඇති බවයි.  

අස්වැසුම දෙන පිරිස අඩු වෙයි - අස්වැසුම හිමි නව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ගැන දැනුවත් කිරීමක්

අස්වැසුම දෙන පිරිස අඩු වෙයි - අස්වැසුම හිමි නව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ගැන දැනුවත් කිරීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්