ක්‍රිප්ටෝවලට හොඳ කලදසාවක් - අලුත් වෙන නීති මෙන්න

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ මූල්‍ය සේවා ඒජන්සිය (FSA) මඟින් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් නව රෙගුලාසි හඳුන්වා දීමට සලකා බලමින් සිටින බවයි.

ඒ අනුව එරට පුවත් වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර් පුවත් ඒජන්සිය ඒ බව සඳහන් කරන්නේ මෙම රෙගුලාසි මඟින් ක්‍රිප්ටෝ මුදල් අභ්‍යන්තර වෙළෙඳ නීතිවලට යටත් වන මූල්‍ය නිෂ්පාදන වශයෙන් අර්ථ දැක්වෙනු ඇති බවයි.

එමෙන්ම මෙම රෙගුලාසි බිට්කොයින් (Bitcoin) සහ එතීරියම් (Ethereum) වැනි ජපානයේ මේ වන විට භාවිතයේ ඇති ක්‍රිප්ටෝ මුදල් වර්ග 105කට අදාළ වන බව සඳහන්.

එසේම අඳාළ වාර්තාව පෙන්වා දෙන්නේ මේ සමඟම හුවමාරු සේවා සපයන්නන්ට මිල උච්චාවචනය වීමේ අවදානම වැනි තොරතුරු හෙළිදරව් කිරීමට අවශ්‍ය වනු ඇති බවයි.

මේ අයට සුබ ආරංචියක් - අලුත් වීසා වර්ග දෙකක්

මේ අයට සුබ ආරංචියක් - අලුත් වීසා වර්ග දෙකක්

කෙසේ වෙතත් නව රෙගුලාසි යටතේ, බැංකු සහ රක්ෂණ සමාගම්වලට තම සුරැකුම්පත් අනුබද්ධ ආයතන ඔස්සේ තැන්පත්කරුවන්ට සහ රක්ෂණ හිමියන්ට ක්‍රිප්ටෝ මුදල් විකිණීමට අවසර ලැබෙනු ඇති බවද වාර්තා වේ.

මේ අතර වර්තමානයේ 55% දක්වා වන ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනුවලින් උපයන ලාභ මත අය කරන බද්ද, නව රෙගුලාසි යටතේ 20% ක බදු අනුපාතයකට යටත් කිරීමට නියමිත බව පවසයි. එබැවින් මෙය කොටස් වෙළෙඳාමට සමාන අනුපාතයක් බවට වාර්තා වේ.

මේ අතර එම වාර්තාව තවදුරටත් දක්වන්නේ ජපානයේ මූල්‍ය සේවා ඒජන්සිය මඟින් මෙම යෝජනා එළඹෙන වසරේ පාර්ලිමේන්තු සැසිවාරයේදී අවශ්‍ය නීති සම්පාදනය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මහ බැංකුවෙන් සියලුම ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

මහ බැංකුවෙන් සියලුම ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

සියලුම රාජ්‍ය ආයතනවලට සහ පාසල්වලට අද සිට විශේෂ චක්‍රලේඛයක්

සියලුම රාජ්‍ය ආයතනවලට සහ පාසල්වලට අද සිට විශේෂ චක්‍රලේඛයක්