නොමිලේ ජපන් යන්න කදිම අවස්ථාවක්.
Manusha Nanayakkara
Japan Sri Lanka Relationship
Japan
By krishani
ජපානයේ රැකියා සඳහා හැකිතාක් නොමිලේ ශ්‍රි ලාංකිකයින් බඳවාගන්නා ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් ඉල්ලීමක් කර ඇත.
ජපානයට පුහුණු ශ්‍රමිකයන් පිටත් කර යැවීම සඳහා වන ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට ඊයේ (17) අත්සන් කෙරිණ.
අදාළ ගිවිසුම හරහා පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් ජපානයට යැවීම සදහා කටයුතු කිරීමට නියමිතය.
එමෙන්ම ඔවුන්ගේ සුරක්ෂිතාවය තහවුරු කිරීමට ජපන් රජය සමග සමීපව කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව ඉදිරියේ දී විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් පමණක් පිටත් කර යැවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |