ජපානයට දැඩි වර්ෂාපතනයක් - දහස් ගණනක් ගුවන්තොටුපොළේ සිරවෙයි

By Malith Madushan Aug 14, 2026 06:12 AM GMT
Report

ජපානයේ චිබා ප්‍රාන්තයට බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් ඇති අතර, තවත් පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ ටෝකියෝ නුවර නරීටා ගුවන්තොටුපොළේ සංචාරකයින් දහස් ගණනක් සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික වර්ෂාව හේතුවෙන් චිබා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර, මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකු සහ 66 හැවිරිදි කාන්තාවකද සිටින බව සඳහන් වේ.

ජලයෙන් යට වූ මාර්ගයක සිටියදී එක් පුද්ගලයෙකු සොයාගෙන ඇති අතර, තවත් කාන්තාවක් ජලයෙන් යට වූ මෝටර් රථයක් තුළ සිරවීමෙන් මියගොස් තිබේ. මේ අතර, චිබා නගරයේ එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර, තවත් සිව්දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

පුටින්ගේ එටොරොෆු සංචාරයට ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකායිචිගෙන් දැඩි විරෝධයක්

පුටින්ගේ එටොරොෆු සංචාරයට ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකායිචිගෙන් දැඩි විරෝධයක්

අධික වර්ෂාවත් සමඟ නායයෑම් ඇතිවීමේ දැඩි අවදානමක් හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ආයතනය විසින් චිබා ප්‍රාන්තයට ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබිණි.

ඒ අනුව ලක්ෂ හතරකට අධික පිරිසකට ඉවත් වන ලෙස බලධාරීන් උපදෙස් ලබාදී තිබේ. චිබා නගරයට පැය 12ක කාලයක් තුළ මිලිමීටර් 348ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එය එම ප්‍රදේශයේ වාර්තාගත ඉහළම පැය 12ක වර්ෂාපතනය ලෙස සැලකේ.

මේ වනවිට නායයෑම් අවදානම පිළිබඳ අනතුරු ඇඟවීමේ මට්ටම පහළ දමා තිබුණද, ගංවතුර, නායයෑම් සහ ගංගා පිටාර ගැලීම් සම්බන්ධ අවදානම තවදුරටත් පවතින බැවින් ජනතාවට අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී ඇත.

කාන්තාවක් රෝහලට යැවූ පිට්බුල් ප්‍රහාරයක් - මිල අධික සුනඛයන් පසුපස ඇති කතාව මෙන්න

කාන්තාවක් රෝහලට යැවූ පිට්බුල් ප්‍රහාරයක් - මිල අධික සුනඛයන් පසුපස ඇති කතාව මෙන්න