ශ්‍රී ලංකාවට පමණක් ආවේණික - සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ඇති ජෑම් එකක් සොයාගනී.

Sri Lanka
By Wayomi Feb 22, 2023 10:19 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය හෙවත් නාරා ආයතනය විසින් සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි ජෑම් වර්ගයක් නිෂ්පාදනය කිරීමට සමත්ව තිබෙනවා.

ඔවුන් එම ජෑම් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ, තල් ගෙඩියෙන් ලබා ගන්නා තල් පල්ප සහ ග්‍රසිලාරියා නමැති මුහුදු පැළෑටිය යොදා ගනිමින්.

මෙවැනි මුහුදු පැළෑටි ආශ්‍රිත නිෂ්පාදන වෙන රටවල දකින්න ලැබුණද, මෙය ලංකාවට ආවේණික වූ නිෂ්පාදනයක් බව නාරා ආයතනය සඳහන් කරන්නේ.

තල් පල්ප සහ මුහුදු පැළෑටිවල තන්තු ගතිය වැඩි මට්ටමක පවතින බැවින් වෛද්‍යවරුන් විසින් තන්තුමය ආහාර නිර්දේශ කර ඇති පුද්ගලයන් සඳහාද මෙය ඉතාමත් හිතකර වෙනවා.

එමෙන්ම විටමින් E සහ විටමින් K වැනි විටමින් වර්ග සහ විවිධ ඛනිජ ලවණ මෙම ජෑම් තුළ අන්තර්ගතයි.

නාරා පර්යේෂණ අංශය පවසන්නේ, දිව පිනන රස කාරක නිෂ්පාදනයකට වඩා ශරීරයට මේවා ගුණදායක බවයි.      


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


ReeCha