ජගත් කථානායක ධූරයෙන් ඉවතට.. යළි ධූරය උපාධි සහතිකය නැතත් අශෝක රන්වලට?
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් සිදු කරනු ලබන විමර්ශනයක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමට විපක්ෂයට අවස්ථාව ලබා නොදීම නිසා ඊයේ (10) දින පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබුණා.
ඒ අනුව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායකවරයාට එරෙහි මෙම අල්ලස් විමර්ශනය සම්බන්ධයෙන් සකස් කරන ලද වරප්‍රසාද ප්‍රශ්නයක් සභාගත කිරීමට උත්සාහ කළ විටදී අඳාළ නොසන්සුන්තාව ඇරඹුණා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීමට බාධා කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියේ, එදින න්‍යාය පත්‍රයට අදාළ මාතෘකාවෙන් බැහැරව වෙනත් කරුණු සම්බන්ධයෙන් කතා කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත්, අදාළ විෂය පථය තුළ පමණක් අදහස් දක්වන ලෙසත්ය.
ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි
එමෙන්ම එසේ නොවන්නේ නම් කතාව නතර කිරීමට සිදුවන බවට ද කථානායකවරයා අනතුරු ඇඟවුවා.
කෙසේ වෙතත් එයට දැඩි විරෝධය පළ කළ දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේ, කථානායකවරයාට එරෙහි අල්ලස් විමර්ශනය පිළිබඳව සියලු ජනමාධ්‍ය වාර්තා කර ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂයට පූර්ණ අයිතියක් තිබෙන බවයි.
එමෙන්ම "විමර්ශනයක් පවතින අවස්ථාවක ඔබතුමාට ඔය පුටුවේ රැඳී සිටින්න බැහැ. මේවා අහගෙන ඉන්න බැරි නම් නියෝජ්‍ය කථානායකතුමාට පුටුව භාර දී එළියට යන්න" යනුවෙන් දයාසිරි ජයසේකර මහතා එහිදී සෘජුවම කථානායකවරයාට පවසා ඇත.
ඉන්පසු කථානායකවරයා විසින් නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාට කතා කරන ලෙස දැනුම් දීමත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට "ලැජ්ජයි... ලැජ්ජයි..." යනුවෙන් හඬ නඟමින් දැඩි විරෝධතාවක නිරතව තිබුණා.
පසුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කර සිටියේ, කථානායකවරයාට එරෙහිව මෙවැනි පරීක්ෂණයක් සිදුවන අවස්ථාවක ඔහු එම ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවත්, පරීක්ෂණවල ස්වාධීනත්වයට ඉඩ දී ධුරයෙන් බැහැර විය යුතු බවත්ය.
තවද ඔහු චෝදනා කළේ නීතියට ඉහළින් කිසිවෙකුත් නොමැති බවට ආණ්ඩුවේ වේදිකාවල ප්‍රකාශ කළද, පාර්ලිමේන්තුව තුළ කථානායකවරයා ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරමින් සිටින බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් විනිවිදභාවය සහ යහපාලන ප්‍රතිපත්තිවලට ගරු කරමින්, අවශ්‍ය නම් වෛද්‍යවරයකු වන නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාට කථානායක ධුරය භාර දෙන ලෙසත් පවසා ඇත.
එසේම උපධි සහතිකය නැති වුණත් අශෝක රන්වල මහතා කථානායක ධුරයේ ඉන්න තිබූ බවත් සහතිකය අවශ්‍ය නැති බවත් ඔහු කියා ඇත.