ඉන්දීය රෝහල් අපද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළේ ගොඩගසයි…

By Wasantha Jul 12, 2021 12:39 PM GMT
Wasantha

Wasantha

Report

යාපනය වෙරල තීර කිහිපයකට ගෙවුනු සතිය තුලදී රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බවට ධීවරයින් සහ ප්‍රදේශවාසීන් පවසා සිටිති.

යාපනය පුන්කුඩතිව් කූරිකඩ්ඩුවාන් වෙරල තීරයට පසුගිය දින කිහිපයේදී යාපනය නයිනතීව් සහ නෙඩුන්තීව් මුහුදූ වෙරලට මෙලෙස රෝහල අපද්‍රව්‍ය රැසක් ගොඩගසා තිබූ බවට ප්‍රදේශවාසීන් පවසති. රෝහල්වලින් ඉවතලන එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් විසන් පෙන්වා දෙයි.

අදාල රෝහල අපද්‍රව්‍ය යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි රෝහල්වලින් නොවන බවටත් ඉන්දියාවෙ රෝහල්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මෙලෙස මුහුදට දැමීම හේතුවෙන් එම අපද්‍රව්‍ය උතුරු මුහුදු තීරයට ගසාගෙන එන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමටද ප්‍රදේශවාසී ජනතාව කටයුතු කර තිබෙනවා.