අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය සම්බන්ධයෙන් තීරණයක්.

Report

අද (09) අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පස්වරුවේ බොරැල්ල ජයරත්න මල්ශාලාවේ මහජන ගෞරවය උදෙසා තැන්පත් කෙරිණ.

එමෙන්ම, හෙට උදෑසන 7.30 සිට රාත්‍රී 11 දක්වා දේහය මහජන ගෞරව පිණිස කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ "ජයරත්න Respect Home” හිදී තැන්පත් කිරිමට තීරණය කර තිබෙනවා.

මේ අතර ඔක්තෝබර් 11 බදාදා සහ 12 බ්‍රහස්පතින්දා දෙදින 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරෙයි.

කෙසේ වෙතත්, ලාංකේය කලාකෙතේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී කළාකරුවාණන්ගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.