වෙඩි වරුසාවක් තියපු බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් - වෙඩිතබන විටත් වැඩිහිටියන් 9ක් ඇතුළේ[UPDATE]

Report

අද (07) දින අලුයම ජා ඇළ ප්‍රදේශයේදී බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට එල්ලකළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තා වී ඇත.

මෙම වෙඩිතැබීමේදී වෙඩික්කරුවන් විසින් අසල පිහිටි තවත් නිවාස දෙකකට වෙඩිතබා පලාගොස් ඇති බව ඒ අනුව වාර්තා වේ.

අද අලුයම 1:25ට පමණ ජා ඇල පොලිස් වසමේ අංක 05, ශාන්ත ආනා පාර, වැලිගම්පිටිය ලිපිනයේ පිහිටි මනෝජ් සුරංග ලියනගේ හෙවත් 'බටුවත්තේ චාමර' යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය පදිංචිව සිටි නිවස ඉලක්ක කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

සැකකරුවන් දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණ T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

එසේම අදාළ නිවසට සහ තවත් නිවාස දෙකකට වෙඩික්කරුවන විසින් වෙඩි ප්‍රහාර 23ක් පමණ එල්ලකර තිබෙනවා.

කෙසේ වෙතත් බටුවත්තේ චාමර යන අයගේ බිරිඳ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින අතර, මෙම නිවස දැනට මාස 02ක පමණ සිට වැඩිහිටි නිවාසයක් සඳහා මාසිකව රු. 125,000සක මුදලට කුලියට ලබාදී ඇති බව වාර්තා වේ.

මහ පාන්දර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

මහ පාන්දර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

අඳාළ වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී මෙම නිවසේ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු සිට ඇති බවද සඳහන්.

මේ අතර මෙම නිවසට 2025.12.15 දින හා 2025.12.24 යන දිනයන්වලදී ද මේ අයුරින්ම වෙඩිතබා ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

ඉරානෙන් විදේශ ඇමතිගෙන් මෙරට විදේශ ඇමති විජිතට Thank You Call එකක්

ඉරානෙන් විදේශ ඇමතිගෙන් මෙරට විදේශ ඇමති විජිතට Thank You Call එකක්