මහ පාන්දර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ නිවසක් වෙත අද (07) දින අලුයම වෙඩි ප්‍රහාරයක් එල වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ වෙඩි තබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට බව සඳහන්.
ජා ඇළ ශාන්ත ආනා පාරේ පිහිටි මෙම නිවසට අඳාළ වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම පොලිසිය සැක පළ කරන්නේ සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පලා යන්නට ඇති බවයි.
වෙඩි වරුසාවක් තියපු බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් - වෙඩිතබන විටත් වැඩිහිටියන් 9ක් ඇතුළේ