ඉසුරු දේශානි ආදර අන්දරය අවසන් වුණේ ගුටි කෙළියකින්ද? දේශානිගේ තුවාලේ නිසා සමාජ මාධ්‍ය කැළඹේ
කලා ලෝකෙන් කාලෙන් කාලෙට ඇහෙන ආදර කතා තියෙනවනේ.
ඒ අතරේ ඉසුරුමුණි පෙම් යුවළ වගේ හිටපු ආදර කතා කාලෙකට පස්සේ ලෝකෙට පේන්න දෙදරලා යන එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
කොහොම වුණත් කාලයක් සමාජයේ දැඩි කතාබහට ලක්වුණු එහෙම ආදර කතාවක නම් දෙකක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා කියන්නේ.
ඔන්න මේ වෙනකොට ඒ ආදර කතාවත් දෙදරලා ගිහින්. නිකන් නෙවෙයි මුළු සමාජ මාධ්‍යම හැරිලා බලන විදිහේ කතා ගොඩක් එක්ක.
ඒකට ලොකුම හේතුව වුණේ මීට දින කිහිපයකට කළින් දේශානි ඇගේ නිල ෆේස්බුක් ගිණුමේ ඒ ආදරයට තිත තබපු බවට තැබුව සංවේදී සටහන සහ ඇගේ ඡායාරූපය.
දේශානි දාපු 'නහය තුවාල' කරගත් ඡායාරූපය සහ කියපු කතාව එක්ක මේ වෙනකොට සමාජ මාධ්‍ය පුරාවට ඇයට සහය දක්වන පිරිසක් වගේම ඉසුරුව විවේචනය කරන පිරිසකුත් බිහි වෙලා ඉවරයි.
ඒ අතරේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා ඉන්නවා කියද්දි හිතන්නකෝ කතාව කොච්චර සීරියස් ඇද්ද කියලා.
''ආදරේ කරන්න ඕන කැපවෙන්න ඕන තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියන මිනිහෙක්ට විතරයි '' කළකිරුණු ප්‍රේමය ගැන දේශානිගෙන් සටහනක්
හැබැයි මේ වෙනකල් මේ කිසි දේකට ඉසුරුගෙන් නම් ප්‍රතිචාරයක් ලැබිලා නෑ. ඒ අතරේ මේ හැමදේම ස්ක්‍රිප්ට් එකක්, කොහොමත් මෙයාලා රඟපානවනේ වගේ කතාත් ඇහෙනවා.
කතාව කොහොම වුණත් සම්බන්ධයක් ඇතුළේ තියෙන්න ඕනේ ගරුත්වය මේ වෙන කොට ඒ කතාවට අහිමි වෙලා ඉවරයි.