දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ඉකුත් දින පැවැති වාර්ෂික වර්ණ ප්රදානෝත්සවය අතරතුර, එම විදුහලේ 2023 වසරේ ක්‍රීඩා නායිකාව වශයෙන් ක්‍රියා කළ චනිත්මා සිනලි ශිෂ්‍යාව තමාට අසාධාරණයක් වූ බවට වේදිකාව මතදීම කළ ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය විය.
එහිදී අඳාළ ශිෂ්‍යාව විසින් "විභාගය නිසා පෙර පුහුණුවට නොපැමිණීම සම්මානය අහිමි වීමට හේතුවක් වී ඇති බව සදහන් කළේ තමාට හිමිවීමට තිබූ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි කුසලානය (Most Outstanding Award), විදුහල්පතිනිය විසින් වෙනත් සිසුවියකට ලබාදීමට කටයුතු කළ බවට චෝදනාවක් ද සිදු කරමින්.
කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිනී සුමේදා ජයවීර මහත්මිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණා.
එවන් පසුබිමක විදුහල්පතිනිය විසින් සිදු කළ බවට කියන ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් පළවේ.
ඒ අතර කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන සුමේධා ජයවීර ,කොළඹ ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියක් වූ බවත් ඇය විසින් 2022 වර්ෂයට අදාළව පාසල් සංවර්ධන සමිතියට අයත් රුපියල් තිස් එක් ලක්ෂ අසූ හත්දහස් අටසිය අනූ හතරක (3,187,894.83) මුදලක් අවභාවිත කර ඇති බවටත් බරපතළ චෝදනාවක් එල්ල වී ඇති බව සඳහන්.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත විධිමත් පැමිණිල්ලක් එම කාලවකවානුවේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සහ උප සභාපති විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එහි අන්තර්ගත කරුණු අනුව මූල්‍ය අක්රමිකතාවේ ස්වභාවය පහතින් උපුටා දක්වා ඇත.
උපුටාගැනීම :
” 2022 නොවැම්බර් මස 27 වන දින ආදි ශිෂ්‍ය සංගමයේ බලය එවකට ධූර ලාභීන් ධූර අත්හැරීමෙන් අනතුරුව අභිනවයෙන් පත් වූ 2023 – 24 විධායක මණ්ඩලය විසින් 2022.01.01 සිට 2022.12.31 වූ මුදල් වර්ෂය සඳහා විගණනයක් සිදු කිරීමට එකඟතාවෙන් සම්මත කරගන්නා ලදී . එවකට ධූර දැරූ ඉහත නම් සඳහන් සුමේධා ජයවීර විදුහල්පතිනිය විසින් සංගමයේ සංවිධායක මණ්ඩලයෙන් ඉවත් වූ උපසභාපති ශ්‍රීමති ජයලක්ෂ්මි රණසිංහ , උපසභාපති ගුරුගේ ප්‍රියන්ති පුෂ්ප කුමාරි , ලේකම් වික්‍රමසිංහ ආරච්චිගේ චතුරිකා හර්ෂණී වික්‍රමසිංහ , උපලේකම් වෙත්තසිංහ වීබද්ධගේ හිරෝෂි කාංචනා වෙත්තසිංහ ,භාණ්ඩාගාරික ගාර්ධි හේවාවසම්ගේ තිලනි දිල්රුක්ෂි , කමිටු සාමාජිකා … යන අයවලුන් හා එක්ව ආදි ශිෂ්‍ය සංගමය මුදල් බරපතළ ලෙස අව භාවිතා කර ඇති බවට මතයක් සාමාජිකාවන් අතර සහ පාසලේ දෙමව්පියන් හා ගුරු බවතුන් අතර පැවතීම . ” විගණන සමාගමේ වාර්තාව අනුව ආදි ශිෂ්‍ය සංගමයේ 2022 වර්ෂයට පමණක් මෙම සුමේධා ජයවීර විදුහල්පතිනිය විසින් සිදුකර ඇති මූල්‍ය අවභාවිතය රුපියල් 31,87,894.83 ක’ මුදලක් වශයෙන් අනාවරණය වූ බවත් එකී මුදල් සෘජුවම ඇය විසින් ආදි ශිෂ්‍ය සංගමයෙන් ලබාගෙන ඇයගේ සහ ඇගේ පවුලේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් යොදවාගෙන ඇති බවත් අනාවරණය විය . එකී තිස් එක් ලක්ෂයකට වැඩි මූල්‍ය අවභාවිතය සහ අනෙකුත් කරුණු අතර ඇය විසින් හෝටල් සහ ආපනශාලා වෙත ගොස් කෑම බීම ගැනීම මත්පැන් මිලදී ගැනීම තම දරුවන්ගේ අධ්‍යාපනයට අදාළ ලිපි ද්‍රව්‍ය වැඩිහිටි අයවලුන් භාවිතා කරන ඩයපර් ඇතුළුව පවුලේ දෛනික පරිභෝජනය වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමය සතු මුදල් වවුචර භාවිතයෙන් භාවිතයෙන් ලබා ගෙන අවභාවිතා කර ඇති බව හඳුනාගන්නා ලදී . ඉහත ලක්ෂ තිස්එකට අදාළ මූල්‍ය අවභාවිතාවෙන් රුපියල් 9, 57,000 ක මුදලක් ආචාර්ය සුමේධා ජයවීර මහත්මිය සෘජුවම දියමනාවක් ලෙස ලබාගෙන ඇති බවත් රු. 20,76,394.83 ක මුදලක් එම විදුහල්පතිනියගේ දෛනික වියදම් වශයෙන් වැයකර ඇති බවත් , ඊට අමතරව දුරකථන ගාස්තු වශයෙන් අදාළ වර්ෂයට අදාළව රුපියල් 154,500 ක මුදල් බිල්පත් ඉදිරිපත් කර ආදි ශිෂ්‍ය සංගමයෙන් මුදල් ලබා ගෙන ඇති බවත් , මෙම ලක්ෂ 31කට අධික මූල්‍ය අවභාවිතය 2022 වර්ෂයට අදාළව පමණක් සිදුකර ඇති මූල්‍ය අවභාවිතයක් වශයෙන් පමණක් හඳුනාගෙන ඇති බවත් ඇය විසින් 2017 වර්ෂයේ සිටම මේ ආකාරයට මුදල් අවභාවිත කිරීම සිදුකර ඇති බවට අප ආදිශිෂ්‍ය සංගමයේ මතය වන බවත් ඒ සඳහා මෙම සුමේධා ජයවීර විදුහල්පතිනිය විසින් ඇයගේ වාසියට පත් කරගත් එවකට ධූරදෑරූ නිලධාරීනියන්ගේ ද සහාය ලබාගෙන ඇති බවත් අප ආදි ශිෂ්‍ය සංගමයේ වැඩිමනත් මතය වෙයි . “
සිදුවූ අසාධාරණයට විරුද්ධව සිරිමාවෝ සිසුවියක් ප්‍රසිද්ධියේ කට අරී - විදුහල්පතිනිය සහ ගුරුවරුන්ගෙන් බාධා
මේ අතර ඒ සම්බන්ධව අදහස් දක්වමින් මුහුණු පොතේ තිබූ සටහනක් ද උපුටා පහතින් දක්වා ඇත.
“දැන් ඉතුරු බලධාරීන් ගේ කොටස නිසා මේ ටික ලියලා තියන්නම ඕනේ, මගේ පාසලේ දක්ෂ දරුවෙක්ට අසාධාරණයට එරෙහි වීම නිසා මේ විදුහල්පතිනිය, ඒ දරුවා ගෙන්නලා බැනලා, ඒ දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ” ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ” කියලා අපහාස කිරීම සම්බන්ධව ළමා ආරක්ෂණ අධිකාරියේ case එකක් තියෙද්දී, සිරිමාවෝ එකට මාරු කරලා යැව්වේ. තර්ස්ටන් විදුහලට කරපු අවමානය තියෙද්දී, SPM එකට මාරු කරලා දැම්මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 2015. මේ ඔක්කොම මේ විදුහල්පතිනිය යට ගහන්නේ.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් case එක open කරපු ගමන්, දන්න කියන දරුවන්ට කියලා ලියුම් යවා ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයට. ( ඒවට proofs තියෙනවා මන් ළඟ) ” මේ විදුහල්පතිනිය අපිට අම්මා වගේ, අනේ එයාව මාරු කරලා යවන්න එපා” කියලා ඒ ළමයින්ට කියලා ලියවන් යවල තිබ්බ. (Comment එකක් විදිහට එහෙම කරපු සිද්ධියක් attached කරා) ඉතින් මේ පාරත් ඒ හා සමාන දෙයක් කරයි, හයක් හතරක් නොදන්න ළමයින්ව පාවිච්චි කරලා case එක වහ ගනී! “
කෙසේ වෙතත් මේ වන විටත් සමාජයේ බොහෝ දෙනාගේ අවධානය මෙම ගැටළුව දෙසට යොමුව ඇති නිසාවත් මෙවැනි චෝදනාවල සත්‍ය අසත්‍යතාවය විධිමත්ව සොයා බලා නීතිය ක්‍රියාත්මක වීම සියලු දෙනාගේම බලාපොරොත්තුවයි.