විසා නිකුත් කිරීම සම්බන්ධයෙන් හදිසියේම විශේෂ නිවේදනයක්..

Sri Lanka India
By krishani May 13, 2022 06:34 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට වීසා නිකුත් කිරීම නවතා දැමුවේ ද යන්න පිළිබඳ විවිධ විමසීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හෝ ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජනරාල්වරයා හෝ සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වීසා නිකුත් කිරීම නතර කර ඇති බව ප්‍රතික්ෂේප කරන බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ එහි වීසා අංශයේ කාර්ය මණ්ඩලයට කාර්යාලයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් දුෂ්කරතා ඇති වූ බවත් ය.

ඔවුන්ගේ කටයුතු ඉක්මනින් සාමාන්‍ය මට්ටමට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවට ගමන් කිරීමට පහසුව සැලසීමට තමන් කැපවී සිටින බවට ද රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සහතික විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join